කාර්යභාරය | අරමුණ | දැක්ම


කාර්යභාරය

හෙළ සවිබල පර්යේෂණ මධ්‍යස්‌ථානය (HERC) යනුවෙන් හඳුන්වනු ලබන්නේ, හෙළ සංස්කෘතික ඉතිහාසය ඇසුරින්, හෙළ දූ පුතුන් සවිබල ගැන්වීම සඳහා විවිධ පර්යේෂණ කරන තාරුණ්‍යයේ දූ පුතුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමකි. එදා හෙළ ජන සමාජයේ තිබු තාක්ෂණ ක්‍රමවේද සොයා යමින් හෙළයේ ප්‍රෞඩ සැබෑ ඉතිහාසය මතු කිරීමට වෙර දරන වත්මන් පරපුරේ එකමුතුවකි.

ඒ සඳහා සියලු මතවාදයන්ට ඉඩ දෙනු වස් හෙළ හිරු'වණ පදනම, විසින් පිහිටුවන ලදහෙළ සවිබල පර්යේෂණ මධ්‍යස්‌ථානය   සංස්කෘතික ගවේෂණ කණ්ඩායමක් ලෙස හැකි උපරිම උත්සහයෙන් ඔබට විචාර ශීලි දැනුමක් විවර කරන්නට වෑයම් දරනාFacebook සමූහයක් ලෙස ක්‍රියාත්මක වේ.

හෙළ සවිබල පර්යේෂණ මධ්‍යස්ථානය විසින්, පුළුල්ව ගවේෂණයේ යෙදෙන තේමාවන් 10 කි.

හෙළ ඉතිහාසය
හෙළ විශ්ව සම්බන්ධතා
හෙළ ආධ්‍යාත්මික ක්‍රමවේද
හෙළ කලා ශිල්ප
හෙළ වෛද්‍ය විද්‍යාව
හෙළ නක්ෂත්‍රය
හෙළ භාෂාව
හෙළ කෘෂිකර්මය
හෙළ ආහාර විධි
හෙළ සටන්

අරමුණ

හෙළ ඉතිහාසය හා නූතන යුගය එකතු කරන පාලමක් ලෙස ක්‍රියාත්මක වෙමින්, විවිධ ඓතිහාසික මතවාදයන්ට වේදිකාවක් සකසමින්, හෙළ දූ පුතුන් ගේ අධ්‍යාත්මය තුළ අදීන බව රෝපණය කරමින්, හෙළ පරපුරේ සංවර්ධනයට මං පෙත් විවර හෙළ ඉතිහාසය කරවීම.

දැක්ම

වැරදියට ඉගැන්වූ හෙළයන්ගේ ඉතිහාසය, යළි යළිත් සංවාද කරමින්, පර්යේෂණ හා ගවේෂණ පවත්වමින්, තේමා දහයක් ඔස්සේ අධ්‍යාපනය, අධ්‍යාත්මය හා සංස්කෘතිය සවිබල ගැන්වීම..

No comments:

Post a Comment