Monday, February 25, 2013

සිංහලයන් පැවැතෙන්නේ විජයගෙන් නොවේ




  • හෙළ වර්ගයාගේ පරම්පරා කතාව ගැන කියැවෙන වරිග පූර්ණිකාව රාමායණය සහ මහා වංසයට එහා ගිය වැදගත්කමක්, වටිනාකමක් උසුලයි. එම ග්‍රන්ථ ඉක්මවා යන තරමට ඉතිහාසගත වෙයි.වරිග පූර්ණිකාව යනු තවත් එක් සුන්දර කතා වස්තුවක් රැගත් ග්‍රන්ථයක් නොවේ. අතීත සිද්ධීන් සමුදායක් සටහන් කරනු ලැබූ කතා පොතක්ද නොවේ. එහි ඇත්තේ රාවණා පරපුර හෙවත් යක්‍ෂ ගෝත්‍රික පරපුරේ ජීවිතයයි. ජීවත්වීම සඳහා කෙනකුට ඇවැසි වනුයේ යම් දෙයක්ද එම දෙය අඩු වැඩි නැතිව වරිග පූර්ණිකාවේ සටහන්ව තිබේ. එහෙයින්ම එය යක්‍ෂ ගෝත්‍රික පරපුරේ
    පොදු උප්පැන්න සහතිකයද වෙයි.
    ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස සලකනු ලැබුවේ යක්‍ෂ, නාග, දේව ගෝත්‍රික ජනතාවයි. මෙයින් නාග ගෝත්‍රිකයන් කැලණිය, නාගදීපයෙත්, යක්‍ෂ ගෝත්‍රිකයන් මහියංගණය, සබරගමුව ප්‍රදේශවලත් ජීවත් වූ බව සඳහන් වෙයි.හෙළයා යනු වර්තමාන සිංහලයා මිස විජයගෙන් බිහිවූ ආර්යයන් නොවන බව අපට හොදාකාරවම වරිග පූර්ණිකාව කියයි. ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ කුවේණිය සමඟ එක්වීමෙන් ආර්යයන් බිහිවූ බව බොහෝ ග්‍රන්ථ සඳහන් කරතත් විජය පැමිණීමට පෙර ආර්යයන් නොවන යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවක් එදා හෙළදිවේ සිටි බවත් හෙළයන්ගේ හෙවත් සිංහලයන්ගේ ඉතිහාසය ලියූ සහ ලියන බොහෝදෙනා....

Monday, February 4, 2013

හෙළයන්ට වැරදුන තැන් හා නිවැරදි විය යුතු මාවත - 02 (උපදේශන ඇසින්)

ගියවර ලිපියේදී පහදා දුන්  කරුණා  වලින්  අවධාරණය කරේ හෙළයන්ගේ  සංස්කෘතිය  ඉන්දියාව  මැදිහත් වීමෙන් විනාශ මුඛයට  ඇද  දැමු අවස්ථාවන්ය .මෙහිදී අතීත  කාලීනව  රාම රාවණ යුද්දයේ  සිට විජයාගමනය වන තෙක් ඇති වුන  සංස්කෘතික විනාශයන් පිළිබද කතා කරේය.දැන් මගේ  අවදානය යොමු කරන්නේ  පසුගිය ලිපියෙන් කතා කර සංස්කෘතික විනාශය තුල හෙළයන්ගේ යලි ආකල්ප වෙනස් කරගෙන පුද්ගල චින්තනයන්  දියුණු කරගන්නා ආකාරයයි .

       කාගේ හෝ දුරස්ත පාලනයකට යටත්ව තමන්   රෝබෝවරයකු වී  ඇති බව සිතුනේද? එසේම සම්මිශ්‍රනයකට ලක්වුන  සිංහලයකු  නොවන මංමුලාවූවකු බවට පත්වී ඇතිද ?
        මෙම කරුණු දෙක පිළිබඳව අවදානය යොමු කිරීමේදී ....