Friday, December 7, 2012

යක්ෂ ගෝත්රිකයන් පිළිබඳ නව සුසමාදර්ශය




  ධාතුසේන රජතුමාට  හා මහානාම හිමියන්ට වැරැදුණේ කොතැනද යන්න පැහැදිලි කරගත යුතුය. මෙහිදී නැවත නැවතත් මතක් කරගතයුතු කරුණ නම් අප නව සුසමාදර්ශයක්‌ (ඡ්ර්dසටප) ඉදිරිපත්  කරන බවත් එහි  වැරැදි තිබිය හැකි බවත් හා ඒ ගැන තව තවත් අධ්යයනය කළ යුතු බවත්ය.එහෙත් භෞතික  විද්යාවේ හෝ ඉතිහාසයේ හෝ වෙනත් විෂයයක හෝ වේවා නව සුසමාදර්ශ ඉදිරිපත් කරන්නේ තව තවත් ගවේෂණයට මඟපාදන්නක්ලෙසය. ඒ කිසිම විටෙකවත් අවසානවාක්යය යෑයි නොසිතිය යුතුය.
අපි නැවතත් අපේ සුසමාදර්ශය මතක්කරගනිමු. වංශකතාව ලසු සමාදර්ශය වී ඇත්තේ විජය රජුගෙන් පසුව මෙරට යක්ෂ සංස්කෘතික හා ආධිපත්යය අභාව යටගිය බවය. වංශ කතාවලට වෙනත්අරුතක්දීමට උත්සාහගත් අය, එසේත් නැතහොත් වෙනත් සුසමාදර්ශයක්ඉදිරිපත් කළ අය කියා සිටියේ පඬුඅබාරජු  දවස යක්    ගෝත්රිකයන් අර්ධ වෛදිකයන් පරාජය කර යක්ෂ ආධිපත්යය නැවත පිහිටුවූ බවය. එහෙත් ඔවුනට පිළිතුරු දිය නොහැකි කරුණ නම් එසේ යක්ෂ ආධිපත්යයක්නැවත ඇතිවී නම් ඒ පරාජය කර අර්ධ වෛදිකයන් බලයට පත් වූයේ කෙසේද යන්නය.


Saturday, October 27, 2012

ශ්‍රී රාවණ වංශය විනාශ කළ නොහැක



මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම "සියල්ල සම්පූර්ණ කළ යකා" වේ.

රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොෙZළාව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැŽමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු

රාවණා පරපුරේ සැඟවුණ තොරතුරු



දාර්ශනික අදහස්‌වලින් පරිපූර්ණ වූ වේද වේදාංශ, බ්‍රාහ්මණ, උපනිශද් හා වීරකාව්‍යවලින් පෝෂණය වූ රටකි ඉන්දියාව. ජාතියක්‌ හැටියට එක්‌වන්ව නැගී සිටීමට ඔවුනට අනුබලයක්‌ වී ඇත්තේ වීරකාව්‍යයි. මහාභාරතය, රාමායනය ඔවුන්ගේ සාහිත්‍යයට එක්‌වී ඇතතේ වීරකාව්‍ය වශයෙනි. වීරකාව්‍යයන් ලෙස ප්‍රසිද්ධ කථා අතර රාම - රාවණ, කුරු - පාණ්‌ඩව හා සුර - අසුර වැනි කථා තුළින් නින්දිතයා පරාජයට පත්වෙන අතර වීරයා ජයග්‍රහණය කරයි. අසාධාරණය වෙනුවෙන් සටන් වදින වීරයාගේ කථාවෙන් ඉන්දියානු ජාතිකයා තුළ මහත් අභිමානයක්‌ ඇති කෙරේ. ඔවුන් අපරාජිත ජාතියක්‌ බවට පත් කෙරේ.

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ්‍ර



යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

වෙස්‌තට්‌ටුව රාවණ ඔටුන්නේ නිරූපණයක්‌ ද?


කොහොඹා කංකාරිය නම් වූ ශාන්ති කර්මයක්‌ ලංකාවේ පවතින බව බොහෝ දෙනකු දන්නා කරුණකි. එම ශාන්ති කර්මයෙහි යෙදෙන නැට්‌ටුවාගේ ඇඳුමේ කොටසක්‌ වන වෙස්‌ තට්‌ටුව, රාවණ රජුගේ ඔටුන්නේ නිරූපණයක්‌ බව සිතන්නට කරුණු ඇත.

කොහොඹා කංකාරිය පිළිබඳව එම කංකාරියෙහි යෙදෙන්නකුගෙන් විමසුවහොත් ඔහු සැකෙවින් කියන්නේ පඬුවස්‌ දෙව් රජුට දිවි දෝෂය නම් වූ රෝගය වැළඳී එය සුව කළ නොහැකි තැන, මලය රජු ගෙන්වා ලක්‌දිව ආරම්භක කෙහොඹා කංකාරි ශාන්තිකර්මය සිදුකර එම රජු සුවපත් කරන ලද බවය. තවද කංකාරිය නිම වීමෙන් පසුව මලය රජු තම ඔටුන්න ගලවා, එකී කංකාරියට සහාය වූ නැට්‌ටුවාට එය ප්‍රදානය කර ආපසු යන්නට ගිය බව ය.

රාවනා සහ වීරකාව්‍ය ඉතිහාසය



ඉන්දීය ඉතිහාසය තුළත් වර්තමානය තුළත් මහාභාරතය සහ රාමායණය යන වීරකතා දෙකට අද්විතීය තැනක්‌ හිsමිව ඇත. එය කොතෙක්‌ද යත් තනි පුද්ගලයකුගේ රචනා වූවත් නැතත් ඒවාට හිමි වටිනාකම අනුව ජාතියේම හවුල්වීමකින් සකස්‌ කළා වැනිය.

රාමායනය ලේඛනගත කළ යුගය පිළිබඳ බොහෝ මතවාද ඇත. නමුත් ක්‍රි.පු. 6 වන සියවස බුද්ධ කාලය වන විට සම්පූර්ණයෙන් නිමාවූ පාටලීපුත්‍ර නගරය ගැන හෝ සොළොස්‌ මහා ජනපද ගැන හෝ සටහනක්‌ වීරකාව්‍යවල නැත. එම නිසා පාටලීපුත්‍ර නගරය ඉදිකළ යුගයට පෙර රාමායනය ලියවී ඇති බව පිළිගනී. එසේම එහි ආරම්භය බ්‍රාහ්මණ ග්‍රන්ථවල යුගයට සීමා කළ හැක. මේ නිසා සැකයකින් තොරව බ්‍රාහ්මණ ග්‍රන්ථ ලියූ ක්‍රි.පූ. 900 ත් බුද්ධ කාලය වූ ක්‍රි.ව. 600 ත් අතර වීරකාව්‍ය දෙකම ලියවී ඇති බව සැලකෙයි.

රාජ්‍ය කුමන්ත්‍රණයකින් ඝාතනය වූ රාවන අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයා



උපේJද්‍රමිනික හෙවත් මහා මේඝනාද සෙන්පති තුමා රාවන අධිරාජ්‍යයේ කිරුළ හිමි කුමාරයාය. අනෙක්‌ සියලු සෙන්පතියන් අභිබවා වීරත්වයෙන්, ශක්‌තියෙන් හා යුධ ඥනයෙන් ඔහු ඉදිරියෙන් විය. ඔහුගේ අවසානයෙන් පසු රාම - රාවනා යුද්දය පරාජය වූ බව රාමායනයෙන් සඳහන්වේ.

මහා මේඝනාද, ඉJද්‍රජිත් (රාමායනය) උපේJද්‍රමිනික (රාක්‍ෂ භාෂා), මේඝනාත් යන නම් වලින් හඳුන්වන මෙතුමා රාවනා අධිරාජයාගේ පළමු පුත්‍ර රත්නයයි.




වාල්මිකීගේ රාමායණය ඉතිහාස විරෝධී ග්‍රන්ථයකි


වාල්මිකීගේ රාමායණය ඉන්දියාවට ප්‍රධාන මූල ග්‍රන්ථයක්‌ වුවාට ශ්‍රී ලංකාවේ බෞද්ධ, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි ජාතීන්ගේ පිළිගැනීමට ලක්‌වූ ග්‍රන්ථයක්‌ නොවේ. එය මෙරට ඉතිහාසය සොයා ගැනීමට මූල ග්‍රන්ථයක්‌ ලෙස කිසි විටෙකත් භාවිතයට නොගනී. මන්දයත් එය ශ්‍රී ලංකා විරෝධි ග්‍රන්ථයක්‌ බැවිනි. එබැවින් එහි පරිච්ඡේද කිහිපයක අඩංගු කරුණු ගෙනහැර දක්‌වමින් ශ්‍රී ලංකාවේ පාලකයකු ලෙස කටයුතු කළ රාවණ රජු ගේ ඉතිහාසය මතු කිරීමට උත්සාහ දැරීම මෙරට ඉතිහාසයට සිදු කරන්නා වූ බලවත් ෙද්‍ර`හීකමකි. ලොවපුරා තායිලන්ත, රාමායණය, වාල්මිකීගේ රාමායණය, දෙමළ රාමායණය ආශ්‍රිත කොට ගෙන ග්‍රන්ථ රචනා වී ඇත. කාලිදාසයන්ගේ ජානකීහරණයට ද මූලාශ්‍ර කොට ගෙන ඇත්තේ වාල්මිකීගේ රාමායණයයි. ප්‍රථමයෙන් මෙම

රාවණ අන්තර්නයන මෝස්‌තරයක්‌ද?




වීර කාව්‍යයක්‌ වන රාමායණයෙහි ලංකා ඉතිහාසය විකෘති කර තිබීමට එරෙහිව ඉන්ද්‍රජිත් බණ්‌ඩාර නම් ලේඛකයකු විසින් ජුනි 2 දින බදාදා අතිරේකයට ලියා තිබූ ලිපිය කියවීමෙන් පසු මෙය ලිවීමට මා පෙළඹුණි. "රාමායණය" ආක්‍රමණශීලී ලෙස සංහල ජන සමාජයට ඇතුළුවීමට උත්සාහ දැරීම ලේඛකයාගේ වේදනාවට හේතුවී ඇත.

රාවණා පරාජය කළ රාමා පිට සක්‌වල ජීවියෙක්‌ද?


ශ්‍රී ලංකාවේ රාවණා රජු සමග යුද වැදි රාවණා රජු ඝාතනය කළ රාම කුමරු උතුරු ඉන්දියාවෙන් පැමිණි ක්‍ෂත්‍රියෙක්‌ නොව සුපිරි ග්‍රහලෝකයක්‌වූ පරනිම්මිත වසවර්ති දෙව් ලොව සිට මනු ලොව ආක්‍රමණය කළ මාර දිව්‍ය පුත්‍රයා යෑයි එක්‌ පැවිදි පඬි හිමි රුවනක්‌ දිගු කලකට පෙර මා සමග පවසා ඇත. එම නාහිමි දැනට අපවත් වී වදාළ ඇති බැවින් එම ශ්‍රේෂ්ඨ පඬිවරයාගේ නම මෙහි සඳහන් නොකරමි.

බෞද්ධාගමේ මාර දිව්‍ය පුත්‍රයා ලෙස හැඳින්වෙන්නේ අන් කිසිවෙක්‌ නොව අද පිට හින්දු බැතිමතුන් රාම නමින් හඳුන්වන පිට සක්‌වල යුද විරුවා බවට සැක නැත.

සිංහලයෝ ශිෂ්ටාචාරයේ තොටිල්ලෙන් උපන්නෝද!


ලෝකයට දියුණු තාක්‌ෂණික දැනුම එක තැනකින් බෙදා දුන්නේද, නැතිනම් වෙන වෙනම සොයා ගත්තේද? ලෝකයේ මෙතෙක්‌ බිහිවූ විශිෂ්ටතම ශිෂ්ටාචාරවලින් ශ්‍රී ලංකාවේ ඉපැරැණි සංස්‌කෘතිය සහ සිංහල ජනයා බිහි වූයේද, නැතිනම් ස්‌වාධීනව සංවර්ධනය වීද? මේ රහස අනාවරණය කර ගැනීමට ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හඳුන්වන මොසපොතේමියා ශිෂ්ටාචාරයේ ප්‍රභවය පරීක්‍ෂා කළ යුතුය. සිංහලයන් මොසපොතේමියානුවන්ට සංස්‌කෘතිකමය ඥතීත්වයක්‌ දක්‌වන්නේද?


"සිචරියා සීචින්" (Zecharia sitchi)
නමැති සුමේරියානු පුරා අක්‍ෂර විද්වතා සහ ඔහු විසින් ලියූ දොළොස්‌වන ග්‍රහලොව (The 12th Plant) ග්‍රන්ථය

මොසපොතේමියා ශිෂ්ටාචාර (සුමේරියා) නමැති ඉපැරැණි නාගරික ජනාවාසයක නටබුන් වර්තමාන ඉරාන - ඉරාක භූමියෙන් පාදාගැනීමට පුරාවිද්වතුන්ට හැකිවිය.

ඉතිහාසයෙන් බැහැර කළ නොහැකි රාවණ චරිතය!


ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව දේශ දේශාන්තරයන්හි ඉමහත් කීර්තියට හා සම්භාවනාවට පත් හෙළ විරුවෙක්‌ වූ රාවණ අධිරාජයා පිළිබඳව දශකයෙන් දශකය, සියවසින් සියවස, විවිධ මතිමතාන්තර පළවීම පුදුමයට කරුණක්‌ නොවේ.

රාවණයින් පිළිබඳව එවැනි උද්ඝෝෂණ, එවැනි මතිමතාන්තර පළනොවන්නේ නම් එය පුදුමයට කරුණකි. නමුත් රාවණයෝ මිත්‍යාවට බරවීම බුද්ධිමත් සැමදෙන විමසා බැලිය යුතු කරුණකි.

විජයට පෙර ලක්‌දිව පැවති දියුණු ශිෂ්ටාචාරයක වතගොත

  ලක්‌දිව ඉතිහාස කතාන්දරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව දන්නා කරුණු වන්නේ ක්‍රි.පූ. 6 වන සියවසේ දී උතුරු ඉන්දියාවේ සිට මෙරටට සම්ප්‍රාප්ත වූ විජය නම් කුමාරයා විසින් හා ඔහුගේ ඇමැතිවරු විසින් මෙරට ජනපද ඇතිකොට අපේ ශිෂ්ටාචාරය හා ඉතිහාසය ආරම්භ කළ වගයි. මෙය මෙරට විසූ මුල් කාලීන ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් මෙන්ම මෙරට ශිෂ්ටාචාරය අධ්‍යයනය කළ බටහිර පඬිවරුන්ගේ ද මතය වී තිබිණි. මේ සඳහා ඔවුන්ට ඉතිහාස කරුණු ගෙනහැර පෑමට මහඟු පිටිවහලක්‌ වූයේ ක්‍රි.ව. හතරවන හා පස්‌වන ශතවර්ෂවලදී රචිත දීපවංසය හා මහාවංසය යන මූලාශ්‍ර ග්‍රන්ථ තොරතුරු හා ක්‍රිස්‌තු පූර්ව 3 වන සියවසේ සිට මෙරටින් වාර්තා වන ශිලා ලිපි තොරතුරුවල අන්තර්ගත කරුණුය.

හෙළිදිව රැකගත් පරුමකවරු

  • පරුමක යනු ඉපැරණි සංස්‌කෘත - ප්‍රමුඛ - නාමයේ හෙළ වහර බැව් විද්වතුන් ගේ මතය වී තිබේ. Phomological changes transformed Skt. Parumaka to old Sinhalese PARUMAKA. (Radha Kumud Mukhargee - LOCAL GOVERNMENT IN ANCIENT INDIA, P 47) GOLDSCHMIDT - Equated Perumaka with Skt' BRAHMAN (Indian antiquary Vol. V. P 190)

    මෙම පරුමක නාමය දෙමළ පෙරුමකන් වූ අතර, දෙමළ බසට එය ලැබුනේ ද සංස්‌කෘත ප්‍රමුඛ නාමයෙන් බැව් හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ සද්ධා මංගල කරුණාරත්න සූරීන් කියයි. (පෞද්ගලික ලිපිය 01.02.1996) සිංහල රජවරුන් ද "මහා පරුමක" නමින් හඳුන්වා ඇති බැව් කිව යුතුව ඇත.
    ඉන්දු ආර්ය ශිෂ්ඨාචාරය හෙළ දිවට හැඳින්වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පුරාණ ඉන්දු ආර්ය ප්‍රභූවරුන්ගෙන් පැවත එන්නන්ගෙන් මෙම පරුමත නාමය ලත් ප්‍රභූ පිරිස බිහි වූවාට සැක නැත. මහවංශයේ "ඉස්‌සර" නමින් හඳුන්වන ජන කොටස පරුමක වරුන් බැව් කිව හැක. (මහ වංශය XXV පිටු 14)

Friday, October 26, 2012

හෙළ හිරු'වණ පදනම - නිල බ්ලොග් අඩවිය




අපේකම සොයා යන හෙළයන්ගේ එකමුතුවක් වශයෙන් ඇරඹි  හෙළ හිරු'වණ පදනමේ නිල බ්ලොග් අඩවිය මෙය ඔබට පිළිගන්වන අතර, හෙළ හිරු'වණ පදනම යනු අප ඉපැරණි යට ගියාව සොයා බැලීමක් සිදු කෙරේ.කිසිවෙකුගේ මතයක් හෝ නිෂ්චය කිරීමක් උඩම යැපීමට නොයා අප විසින්ම බුද්ධිය මෙහෙයවා ගොඩ නගාගන්නා මතයක් මත තොරතුරු ග්‍රහණය කරගන්නා අතර,  ඒ ඔස්සෙ කතිකාවතක් ඇති කරගෙන අනිකුත් අයගේ අදහස්(පිළිගතහැකි අන්දමේ ඒවා) වලටත් ගරු කරමින් ඒ පිළිබදවද විමසීම් සිදු කරමින් සිය අනන්‍යතාවය හෙළිකරගැනීමට උත්සාහ කරන හෙළයන්ගේ කණ්ඩායමක් වශයෙන් හදුන්වා දිය හැකිය

තමන්ගේකමට ආදරය කරන යක්ෂ ලේ ඇති හෙළයන්ගේ එකමුතුව