Friday, December 7, 2012

යක්ෂ ගෝත්රිකයන් පිළිබඳ නව සුසමාදර්ශය




  ධාතුසේන රජතුමාට  හා මහානාම හිමියන්ට වැරැදුණේ කොතැනද යන්න පැහැදිලි කරගත යුතුය. මෙහිදී නැවත නැවතත් මතක් කරගතයුතු කරුණ නම් අප නව සුසමාදර්ශයක්‌ (ඡ්ර්dසටප) ඉදිරිපත්  කරන බවත් එහි  වැරැදි තිබිය හැකි බවත් හා ඒ ගැන තව තවත් අධ්යයනය කළ යුතු බවත්ය.එහෙත් භෞතික  විද්යාවේ හෝ ඉතිහාසයේ හෝ වෙනත් විෂයයක හෝ වේවා නව සුසමාදර්ශ ඉදිරිපත් කරන්නේ තව තවත් ගවේෂණයට මඟපාදන්නක්ලෙසය. ඒ කිසිම විටෙකවත් අවසානවාක්යය යෑයි නොසිතිය යුතුය.
අපි නැවතත් අපේ සුසමාදර්ශය මතක්කරගනිමු. වංශකතාව ලසු සමාදර්ශය වී ඇත්තේ විජය රජුගෙන් පසුව මෙරට යක්ෂ සංස්කෘතික හා ආධිපත්යය අභාව යටගිය බවය. වංශ කතාවලට වෙනත්අරුතක්දීමට උත්සාහගත් අය, එසේත් නැතහොත් වෙනත් සුසමාදර්ශයක්ඉදිරිපත් කළ අය කියා සිටියේ පඬුඅබාරජු  දවස යක්    ගෝත්රිකයන් අර්ධ වෛදිකයන් පරාජය කර යක්ෂ ආධිපත්යය නැවත පිහිටුවූ බවය. එහෙත් ඔවුනට පිළිතුරු දිය නොහැකි කරුණ නම් එසේ යක්ෂ ආධිපත්යයක්නැවත ඇතිවී නම් ඒ පරාජය කර අර්ධ වෛදිකයන් බලයට පත් වූයේ කෙසේද යන්නය.




අනෙක්අර්ථකථනයක්වූයේ (අපද කලක්අනුමත කළ පරිදි) පඬුඅබාරජු දවස වැදි ගෝත්රය හැර අන් සියලු ගෝත්ර හා අර්ධ වෛදිකයන් එකතු වී සිංහල ජාතිය පිහිටුවූ බවය. එහිදී යක්ෂ ගෝත්රිකයන්ය පිරිසක්සිංහල ජාතියට එකතු වීමට විරුද්ධ වී යෑයි අපි සිතුවෙමු. ඔවුන් කලින් කලට සිංහලයන් සමග එරිදිවාදි  කම් ඇතිකර ගත් නමුත් ඒ එතරම් බලවත් පිරිසක්නොවී යෑයි අපි සිතුවෙමු. එහෙත් අපට ප්රශ්න නොවුණා නොවේ.
පසුගිය සියවස වනතුරුම යක්ෂ අනන්යතාවක්පවත්වා ගෙන ගිය පිරිස්රටේ සිටිබව අපි දැනසිටියෙමු. පඬු අබා දවස සිංහලයන්ට විරුද්ධව සිටි යක්ෂ ගෝත්රිකයන් සුළු පිරිසක්අවුරුදු දෙදහසකටත් වැඩි කාලයක්තිස්සේ තම අනන්යතාව රැකගත්තේ කෙසේද යන්න අපට ප්රශ්නයක්විය. ඒ අතර   වංශකතාව  ලතනි සිද්ධි ලෙස කියෑවුණ දරිටිගල ජයසේන හා වෙනත් යක්ෂ නායකයන් සම්බන්ධ ප්රවෘත්තිවලට එයට වැඩි වටිනාකමක් ඇති බව අපට  ක්රමක්රමයෙන් වැටහිණි. එපමණක්නොව සිංහලයන්ගේකටහඬ, ශබ්ද රටාව ආදියඋත්තර භාරතීය යන්ගෙන් වෙනස්වන බවද අපි දුටුවෙමු. එමෙන්ම සිංහල භාෂාවේ ඇති ඇතැම් වචනවලට, එහෙත් අප දන්නා බොහෝවිට යොදාගන්නා වචනවලට පාළි සංස්කෘත නිරුක්ති නොමැති බවද පැහැදිලිවිය.
                                             
අපට සංගීතයක්නැතිබවබොහෝ පඬියන් කීවද බෙර ආශ්රිතව ගොඩ නැඟුණු සංගීතයක්අපට තිබුණු බවද එහිසක්පිඹීම, හොරණෑව ආදියද වැදගත් බවත් අපට දැනගන්නට ලැබිණි.විශේෂයෙන්ම අනුරාධපුරයේ  ඇති කැටයම්වලින් මේ සංගීතභාණ්ඩ පිළිබිඹුවෙයි. සංගීතය පිළිබඳම ගේ දැනුම අල්ප බැවින් මේ කරුණු සම්බන්ධයෙන් කරන ගවේෂණයක්වෙතොත් ඒඅගයමි.
ඒ සමඟ සිංහල භාෂා වේව්යාකරණය ඉතා කෘත්රිමවූවක්බවපැහැදිලිය. සිංහල භාෂා වේවි භක්තිනවයක් ඇතැයි බොහෝ ව්යාකරණඥයන් පවසන නමුත් එය පාළිව්යාකරණයට සිංහල භාෂාව කෙසේ  නමුත් ඇතුළු කිරීමට ගත් උත්සාහයක්සේ පෙනිණි. අනුරාධපුර යුගයෙන් පසු මෙරට පහළවූ විශිෂ්ටම බුද්ධිමතා ලෙස සැලකිය හැකි කුමාරතුංගමුනිදාස මහතා සිංහල භාෂාවේවි භක්තිසංඛ්යාවහයක් පමණක්යෑයි කියාබොහෝකල්ය. එමෙන්ම සිංහල භාෂා වේක්රියාපද සම්බන්ධයෙන් ගත්කල පාළියෙහි මෙන් නොව ඇත් තේඅතීතකාලයක්හා අනතීතකාලයක්පමණක්බවද  කුමාරතුංග මහතා පවසා තිබිණි. "මමයමි" යනු වර්තමාන කාලය බවත්, "මමයන්නෙමි" යන්න අනාගත කාලය බවත්කියන්නේ ඉතාම කෘත්රිමව බව බුද්ධිමත් පාසල්  ශිෂ්යයකුට වුවද වැටහෙයි. එහෙත් අපට එකල කාලත්රයක්ගැන පාසලේ ඉගැන්වූයේ  සිංහල  භාෂාව ගැන ස්වාධීනව නොසිතී මේ ප්රතිඵලයක්ලෙසය. දැන්නම් සිසුන්ට අතීත හා අනතීත කාල ගැන පමණක්ඉගැන්වෙයි. ඒ බුද්ධිමත් තීරණයක ප්රතිඵලයකි.
යක්ෂ ගෝත්රිකයන් හා නාග වැනි අනෙක්ගෝත්රිකයන් කතා කෙළේ යෑයි අපවත් වී වදාළ බද්දේගම විමල වංස නාහිමි පාණන් වහන්සේ සඳහන් කර ඇති හෙළ බසට  කුමක්විණිද? කුමාරතුංග මහතා පාළි භාෂාව මහා විහාරික භික්ෂුන් වහන්සේ නිර්මාණය කෙළේ යෑයි පවසා ඇත. අප ඒනොපිළිගත්තද බෙල්ල, කට, ඔළුව වැනි සිරුරේ අංග හඳුන්වන නාමපද යක්ෂගෝත්රිකයන්ගේ බව පැහැදිලිය. ඒ සමග කමත් බසද අපට යක්ෂ බසෙහි කොටසක්ලෙසහඳුනාගතහැකිය. අපට කෙළිනවා වැනි ක්රියාපදයක්තිබියදී ක්රීඩාකරනවා යනුවෙන්  තවත් රූපයක්සකස්කරගෙන ඇත්තේ කරනවා යන්න එකතුකරමිනි. අද අපි ඉංගිරිසි ක්රියා පදවලින්ද එලෙස කරනවා ඇසු රෙන්ප්ලේකරනවා, සෙන්ඩ් කරනවා (පරිගණක සන්නිවේදනයේදී) වැනි රූප තනාගන්නෙමු. කරනවා යන්න එකතුකිරීමට සිදුවන්නේ බොහෝ විට වෙනත් භාෂාවලින් ක්රියාපද ගන්නාවිටදී යෑයි විශ්වාසකළ හැකිය. එහි සංස්කෘතික ආධිපත්යවාදයක්වෙයි.
අප කලින් සඳහන්කර ඇති පරිදි වංසකතාවලින් යක්ෂගෝත්රිකයන් ඉවත්කර ඇතිබැවින් ඔවුන් හා සම්බන්ධ  ඇතැම් සිද්ධි දෙමළ ජනවාර්ගිකයන්ට පවරා  ඇතිබව පෙනීයයි.    විජිතපුර සටනට ගිය ගැමුණු  කුමරුට මහවැලි ගඟින් එතෙර වීමට දෙමළ දෙතිස්බලකොටු බිඳින්නට වී යයන්න එයට උදාහරණයකි. මේ සියලු කරුණු මෙතෙක් පැවතෙන සුසමාදර්ශයයට  තේරුම්  ගැනීමේ දී පරස්පරවලට මුහුණ පෑමට සිදුවෙයි. එ බැවින් අපි සුසමාදර්ශය වෙනස්කෙළෙමු. අප දැන් කියන්නේ පඬු අබාරජු  ගෙන් පසු ව      සිංහල ජාතිය ඇතිවූ නමුත් එයට එකතු නොවුණු යක්ෂ ගෝත්රිකයන් විශාල පිරිසක්සිටිබවය. ඒ පිරිස දිගින් දිගටම සිංහල ජාතිය සමග සටන් කර ඇත. ගැමුණු කුමරුට බිඳීමට සිදුවූ දෙතිස්බළකොටු යක්ෂගෝත්රිකයන්ගේ නිර්මාණවූ අතර එළාර රජුද දෙමළ නොවීය.
ක්රමයෙන්  වැඩී ගෙන ආ යක් ගෝත්රික බලකාය ශක්තිමත් මස්ථරයකට පත්වී ඇත්තේ කාශ්යප කාලයේ බව අපේ වැටහීමය. මේ වන විට හෙළබසට පාළියෙහි බලපෑම තදින්ම දැනෙන්නට ඇති අතර යක්ෂ ගෝත්රිකයන් එයට ද විරුද්ධ වන්නටඇත. මහානාම හිමියන් කලාවැව තැනීමට ධාතුසේනරජුට උපදෙස්දීම යක්ෂ ගෝත්රිකයන්ගේ සතුටට හේතුවී යෑයි සිතිය නොහැකිය. එය වැව්තැනීමේ පැරැණි යක්ෂ සම්ප්රදායට මුළු මනින්ම විරුද්ධ විය. අහසින් වැටෙන ජලය එක්රැස්කරගෙන වැව් නිර්මාණයකරනු වෙනු වට ගංගා ඔය ආදිය හරස්කර වැව් නිර්මාණය යක්ෂගෝත්රික සම්ප්රදායට විරුද්ධය.
වැව, හෙළයක්ෂයන්ගේ අනගි නිර්මාණයක්විය. සිංහලයන් ඒවෙනස්කිරීමට යක්ෂයන් විරුද්ධ වී නම් ඒ ස්වාභාවිකය. ඇතැම් විට මහානාම හිමියන් ධාතුසේන රජුට ගෝණ  ඔය හරස්කර කලාවැව තැනීමට උපදෙස් දෙන්නට  ඇත්තේ  ජනගහනය  වැඩිවීම  හෝ  වෙනත් කරුණක්හෝ නිසාය ක්ෂ සම්ප්රදායමත පමණක්ඉදි කෙරුණු වැව් ප්රමාණවත්නොවීම නිසාවියහැකිය. එහෙත් යක්ෂ ගෝත්රිකයන් ඒ  ගැන සිතන්නට ඇත්තේ වෙනත් ආකාරයකටය. ඔවුන් එය දකින්නට ඇත්තේ සිංහල  ජාතියේ  ආධිපත්යය  පැතිරවීමක්ලෙසය. දෙමළ ආක්රමණිකයන්ට එරෙහිව ධාතුසේන කුමරු    මෙහෙයවූ මහානාමහිමියනට මහාවිහාරයට අයත් නැති භික්ෂුන්වහන්සේටද විහාර පූජාකිරීමට    ධාතුසේන රජුට අනුබල දෙන්නට ඇතැයි සිතිය හැකි මහානාම හිමියනට යක්ෂ ගෝත්රිකසම්ප්රදායට එරෙහි ව වැව් තැනීම නොමනා  කටයුත්තක්යෑයිනොසිතුණේද?
යක්ෂ ගෝත්රිකයන් සියලු බල යොදා රාජ්යබලය පැහැරගැනීමට සිතන්නට ඇත්තේ ඔවුන්ද යම් ප්රමාණයකට  බලවත්ව සිටි නිසා විය යුතුය. එහිදී   ඔවුනට ලැබුණු ප්රධානම දායාදය කාශ්යප කුමරුන්ය. විජයකුමරු යක්ෂ ගෝත්රික කුමාරිකාවක යොදාගනිමින් යක්ෂයනට විරුද්ධව සටන් කළාක්  සේ යක්ෂගෝත්රිකයන් පිය පාර්ශ්වයෙන් සිංහල ජාතියට අයත් කාශ්යප කුමරුසිංහලයන්ට එරෙහිව යොදා ගෙන ඇති බව පෙනී යයි. ඉතිහාසය සැමවිටම එකම ආකාරයෙන් ක්රියාත්මක නොවූවත් ඇතැම් විට එකම විධික්රමය විරුද්ධ කටයුතු සඳහා යොදා ගැනෙයි.
කාශ්යප ධාතුසේන අවුල  වංශකතාවෙන්  කියෑවෙන ආකාරයට වුවද කලාවැව වටා සූත්ර ගතවෙයි. කාශ්යප කුමරු වස්තුවඉල්ලයි.  ඒ කලා වැවේ සඟවා ඇතැයි ධාතුසේන රජු ධාතුසේනරජු කලාවැවට ගොස් දිය දෝතක්ගෙන මේ මගේ වස්තුව යෑයි පවසයි. කාශ්යප කුමරු ධාතුසේන රජු බිත්තියට තබා මැටිගසා දමයි. කලා වැව රජුට වස්තුවක්වූවාට යක්ෂ ගෝත්රිකයන්ට වස්තුවක්නොවූ බව පැහැදිලිය. ධාතුසේන රජුද අවසාන මොහොත එළඹිබව දැන කලාවැව තමන් සතු එක ම වස්තුව යෑයි කියන්නට ඇත.
මහා වංසයෙහි කෙසේ සඳහන් විණි ද  ධාතුසේන රජු ගේ මරණයෙන් පසුව කාශ්යප රජු බිය වූ බවතක්නොපෙනෙයි. බිය වූයේ මුගලන්කුමරුය. ඔහු භාරතයට පළාගියේය. පීතෘ ඝාතකයකුට බියේ මුගලන් කුමරුට පළායැමට සිදුවී මෙන් හා අවුරුදුදහඅටක්ම එහි ජීවත්වීමට සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ කාශ්යප රජුට යම්බලයක්රටේ තිබූ  බවය. රජ වීමෙන් පසු කාශ්යප සිහිගිරියට පළාගියේ යෑයි සිතීමටනොහැකිය. මුගලන් කුමරු පළා ගොස්ඇතිවිට කාශ්යප රජු පළායන්නේකුමක්සඳහාද? ඔහු සිහිගිරිය  තනන්නට ඇත්තේ යක්ෂ සංස්කෘතියට අනුව නිර්මාණයක්කළයුතු යෑයි සිතූනිසා මිසබළකොටුවක් තනාගෙන බියෙන් ජීවත්වීමට නොවේ. කෙසේ වෙතත් ඔහු සිංහල බෞද්ධයන් අමනාප කරගැනීමටද නොසිතුවේය. රජු අනුරාධපුරයේ වාසය කරමින් වෙහෙරවිහාර කර සිංහල බෞද්ධයන් සමීප කරගන්නට ඇත.
කාශ්යපරජු ඉසුරුමුණි විහාරය ප්රතිසංස්කරණය කර ගම්රාශියක්මිලට ගෙන විහාරයට දී ඇත. මෙයින් කියෑවෙන වැදගත් කරුණක්ඇත. එනම් මෙරට රජුන්ට සියලු ඉඩම්හිමි නොවු අතර රජුටද ඉඩම් මිලදී ගැනීමට සිදුවූ බවය. අනුරාධපුර සමයේ මෙරට පැවැතියේ යුරෝපීය වැඩ වසම් ක්රමයක්යෑයි කියන පඬියන් රජු ඉඩම් මිලදී ගැනීමගැන කියන්නේ කුමක්? අනෙක්අතට තමන්ගේ හා දියණියන්ගේ   නමින් රජු කරවූ ඉසුරුමෙනු බෝ උපුල්වන් කසුබ්ගිරිවිහාර   ය පිළිගැනීමට මහා විහාර භික්ෂූන් වහන්සේ අකැමැතිවූහ. එහෙත්රජු ඒ විහාරය බුදුන් වහන්සේ ට පුජා කළේය. ඒ විහාරයට  තිසාවැවෙන්   නිතර ජලය සැපයිය යුතු බවට නියෝගයක්ද කෙළේය. එසේම සිහිගිරිය අසල උයන කද විහාරයක්කරවා  එයට ද තමා ගේ හාදූවරුන්ගේ  නම් තැබීය. ඒ විහාරයද උතුරුදිග උයනද ධර්ම රුචි කනිකායේ භික්ෂුන් වහන්සේට පූජාකළ බව මහාවංසයේ සඳහන්වෙයි. මෙයින් පැහැදිලි වනුයේ කාශ්යප රජු සිහිගිරියේ  වාසයට ගිය බව නොව  සිහිගිරිය යක්  සංස්කෘතිය අනුවත් අනුරාධපුරය   සිංහල  බෞද්ධ  සංස්කෘතිය  අනුවත් පවත්වා  ගෙන යැමට ක්රියා කළ බවය.



මහාචාර්ය නලින් ද සිල්වා

1 comment:

  1. නොදැන සිටි වැදගත් කරුණු රැසක් දැන ගත්තා.
    මනසින් දිවියට

    ReplyDelete