Friday, December 7, 2012

යක්ෂ ගෝත්රිකයන් පිළිබඳ නව සුසමාදර්ශය




  ධාතුසේන රජතුමාට  හා මහානාම හිමියන්ට වැරැදුණේ කොතැනද යන්න පැහැදිලි කරගත යුතුය. මෙහිදී නැවත නැවතත් මතක් කරගතයුතු කරුණ නම් අප නව සුසමාදර්ශයක්‌ (ඡ්ර්dසටප) ඉදිරිපත්  කරන බවත් එහි  වැරැදි තිබිය හැකි බවත් හා ඒ ගැන තව තවත් අධ්යයනය කළ යුතු බවත්ය.එහෙත් භෞතික  විද්යාවේ හෝ ඉතිහාසයේ හෝ වෙනත් විෂයයක හෝ වේවා නව සුසමාදර්ශ ඉදිරිපත් කරන්නේ තව තවත් ගවේෂණයට මඟපාදන්නක්ලෙසය. ඒ කිසිම විටෙකවත් අවසානවාක්යය යෑයි නොසිතිය යුතුය.
අපි නැවතත් අපේ සුසමාදර්ශය මතක්කරගනිමු. වංශකතාව ලසු සමාදර්ශය වී ඇත්තේ විජය රජුගෙන් පසුව මෙරට යක්ෂ සංස්කෘතික හා ආධිපත්යය අභාව යටගිය බවය. වංශ කතාවලට වෙනත්අරුතක්දීමට උත්සාහගත් අය, එසේත් නැතහොත් වෙනත් සුසමාදර්ශයක්ඉදිරිපත් කළ අය කියා සිටියේ පඬුඅබාරජු  දවස යක්    ගෝත්රිකයන් අර්ධ වෛදිකයන් පරාජය කර යක්ෂ ආධිපත්යය නැවත පිහිටුවූ බවය. එහෙත් ඔවුනට පිළිතුරු දිය නොහැකි කරුණ නම් එසේ යක්ෂ ආධිපත්යයක්නැවත ඇතිවී නම් ඒ පරාජය කර අර්ධ වෛදිකයන් බලයට පත් වූයේ කෙසේද යන්නය.