Friday, January 25, 2013

හෙළයන්ට වැරදුන තැන් හා නිවැරදි විය යුතු මාවත - 01 (උපදේශන ඇසින්)

     හිරු උදාවත් සමග අප  රටම පිබිදෙන්නේ  හිරු පවරන කාර්ය සද  නැග  එන්නට මධ්‍යයෙන්  අවසාන කර  සුපුරුදු නිවාස බලා පැමිණෙන්නට  සිතය . නමුත් නුතනය සමග ඇතිවුන තරගකාරිත්වය  මත හිරු උදාවීම තිය සද උදාවීම පිළිබඳවත් වැදගත කමක් නැත .ආදී අපේ හෙළ මුතු මිත්තෝ ඉරෙන් හදෙන් වැඩ ගත්තට නාමික හෙළයන් වන නුතන අපිට එය අදාල නැත .පසු කාලීනව ඇති උන ආකල්ප වෙනස්වීම තුල ඔබ කාගේ හෝ දුරස්ථ පාලකයක් අතේ තිබෙන රොබෝවරයකු   වී ඇති බව ඔබට විටක නොදැනුවත්ම සිතුනිනම්  ඒ  ඔබට දැනුනේ ඔබ හෙළයකු වී මේ සංස්කෘතික විපර්යාසයේ විපරිත උන උච්ච්තම  අවස්ථාවක බව මතක තබා ගත යුතුය .





   හෙළයන්ට  සංස්කෘතිය විජාතික බලවේගයන්  තුලින් ඇති උන වෙනස්කම්  තුල  නුතනයේ   ඔවුන්ගේ  දහන්ගැට තුල වහල්භාවී ව  සිටින බවත් ,ඔබ හෙළයකු නොවන සිංහලයකුද  නොවන  සම්මිශනයකට භාජනය උන මන්මුලාවුවකු  බව සිතෙන දිනය වැඩි ඇතක  නොවේය.

    හෙළයන්ව  සංස්කෘතික  වශයෙන්  විජාතිකයන් බිද වැට්ටුවේ මන්ද ? ඔබ කොතැනක හෝ විමසා  තිබෙනවද අතීතයේ සිට හෙළයා සදාතනික කාලයක් වහලෙකු වී  සිටි අවසථාවක් .අපව යුදමය ශක්තියෙන්  හෙලයන්ව නිහඩ කිරීමට මොන බලවෙතෙකුට උවද අපහසු වීම එයට ප්‍රධාන  හේතුවකි .එසේනම්  ජාතියක්  යුදමය ශක්තියෙන්  බිද වට්ටන්න  බැරිනම්  ඊලග  උපක්‍රමය ලෙස ලෝක බලවතුන් කියන අය  යොදා ගන්නේ සංස්කෘතික වශයෙන් බලපෑම් කර ජාතිය අඩපන කිරීමයි .ඉතින්  මේ තාක් වනකනුත්   මේ  මොහොතේ ද  මෙම උපක්‍රමය  තුල ඔබ වහලෙකු බව සිතන්නේ නම්  වැරද්දක් නොමැත .




     සංස්කෘතිය යනු කුමක්ද ? සමාජ විද්‍යාව අනුව  සංස්කෘතිය යනු මිනිසාගේ කලා ශිල්ප ,   දැනුම , සදාචාරය ,සිරිත් විරිත් ,ආගම ,විද්‍යාව ,තාක්ෂනය , යන සියල්ලන්ගේම  එකතුවක්ය .මනෝවිද්‍යාව  අනුව සංස්කෘතිය  යනු  හවුල් භුක්ති විදින පරම්පරාවෙන් පරම්පරාවට  ගෙන යන සමස්ථයයි .  එසේනම්  පරම්පරාවෙන් පරම්පරාවට  ගෙන යන සමස්ථයට තිතක් තබන්නට   බලවේගයකට හැකිනම් ... ඔබ අතරමන් වනවා නිසැක සේම  එම බලවේගය තුලින් ලබා දෙන නව අභිපේරනයන්ට ඔබට අනුගත  වීම ඉබේම  සිදුවන  බව දැනගත යුතුය .


      මේ සියලු  කරුණු  කරනා  පිටුපස  ඒ  කාලයේ  සිටම රටට බලපෑම් කර ප්‍රධාන  විජාතික බලවේගය  වුයේ   ඉන්දියාවයි .  සුර අසුර  යුද්දයේ පසු රාම රාවණ යුද්දය  ඇතිවන විටදී  අප හෙළයන්ගේ යුදමය  ශක්තිය  බිදවැට්ට විමට   ඉන්දියාව  සිදුකරේ  බලලෝභී  මානසිකත්වය  විභිෂණයන්ට  කාවද්දීමය .සහෝදරත්වය බිදවැටීම තුල  සතුරාගේ  ජයග්‍රහණය  ඉබෙම ඇති වේ .එසේම මීලග නායකත්වය ගැනීමට සිටි මහා පුරුෂයකු බල බිදිමටද  සාර්ථක  මේ උපක්‍රමය යොදා ගත්තේය . යුදමය කටයුතු අවසානයේදී  අතීත වාර්තා තුල සමුහ ඝාතනයන් සිදු වූ භාව තොරතුරු ඇත . ඇත්තටම සිදුවන්නේ සමුහ   ඝාතනයන් නොව   පුදගලයන්ගේ මානසික  ඝාතනයන්ය .එය සිදුවන්නේ  තිබෙන සංස්කෘතික අංග, මුලකුති හා දේපල විනාශය සිදු කර නව සංස්කෘතියක්  කා වැදීම  තුලින්  වක්‍රව  පුද්ගලයකු  විදවන සමාජීය පසු බිම ඇතිකිරීම තුලින්ය .නව  සංස්කෘතිය තුල  පුද්ගලයකු එලබෙන්නට  විරුද්ද  වූ කල ඔහුගේ ප්‍රපංචයන් අඩපණ  කරයි නම්  එය තව කෙනෙකු බලා  සිට  ඒ  තුල ඇති වන භිය  මානසිකත්වය තුල   එය තමාට අරෝපනය කර ගනී . එවිට ආරෝපණය කර ගත්විට  අවුරුදු 50 එලෙසම විසීමට සිදුවුණි  නම් අනාගත දරුවාටද කා වදින්නේ එම මානසිකත්වයයි .




    පුද්ගලයකුට  ආපසු හැරී  විනාශ උන සංස්කෘතිය   මුලිකාංග  විමසීමට වාර්තාවන් නැත . තිබෙන ටීකාවන්  ආර්ය නොවන බලපෑම් තුලින් ලිය විය හැක .මෙසේ පරම්පරා හතකට පසු යලි එය සෙවීමට හෝ අනුගත වීමට කෙසේ හෝ පන්නරය  ගැනීමට  අපහසුය .ඉතින් මෙම මානසිකත්වය තුල ඇතිවන නව දරුවට   පසුකාලින  සංස්කෘතියට අනුගත වීමට අපහසුය .පැලේ  පිලේ තිබෙන අල බතලය කැමට අප්‍රිය මානසිකත්වය ඇතිවන්නේ එම හේතු නිසාය .එය එසේ වන්නේ ජාන  තුලටම යටි උපක්‍රම සාර්ථකව කා වැදුණු නිසාය .




 මීලගට මගේ අවධානය යොමු කරන්නේ  විජයගෙන්  සංස්කෘතිය පැවතගෙන එන මානසිකත්වය ඇති කිරීම හා ඒ  තුල ඔවුන් ඇති කර මානසික බලපෑමයි .




විජයගෙන්  පැවතගෙන එන සිංහල ජනතාව .,මේ වදන ඇසු සැනින්  කීපදෙනෙකුගේ  ලේ  කෝප වෙන්නේද තවත් කීප දෙනෙකු එය පිළිගන්නවද  යන්න තුල හෙළ සභ්‍යත්වයක් ඇතිබව වටහ ගත යුතුය .
      විජය ලංකාවට පැමිණීම හා ඒ ආශ්‍රිතව අතීත සිදුවීම මෙහිදී  මා  පෙන්වීමට අලුතින් උත්සහ නොකරන නමුදු එයින් අප සංස්කෘතියට  ඇති උන විනාශයන් පිලිබඳ  පහද දීමට කැමැත්තෙමි .රටක් නෙරප හරින ලද ප්‍රචණ්ඩ මානසිකත්වයක් සහිත පුද්ගලයකු  නායකත්වය ගෙන අලුතින් පිය නගින රටකට ගොඩ බසින විටදීද  ඔහුගේප්‍ ප්‍රචණ්ඩ මානසිකත්වය වියාප්ත  කිරීමට නිතතින්ම උත්සහ දරන බව පැහැදිලිය .වක්‍රනුරුපිව  ඉන්දියාවට  ක්‍රි .පුර්ව  6 වන සියවස තුල සිදුඋන විජයාගමනය  නොසිතු වාසිදායක තත්වයක් උදාකරේය .
      මහාවංශය සදහන් කරන්නේ විජය ඇතුළු  පිරිස පැමිණෙන විට ලක්දිව මුඩු බිමක් ලෙසය .මෙමගින්  වඩාත් අර්ථ නිරුපනය කිරීමට පෙලබෙන්නේ  ම පෙර සදහන් කර තිබෙන  සංස්කෘතිය තිත තැබීමේ න්‍යාය ක්‍රියාත්මක කිරීමය.පුද්ගල ආකල්පය  ඒ තුල ගැබ්විම  තුල  විජය  යන පුද්ගලයා තුල ඒ වටා නායක මානසිකත්වයක්  රට තුල ප්‍රචලිත වේ . ඒසේම පසු කාලීන වාර්තා නුතනයේ පිරික්සන ලක් ජනතාව තුලද විජයගෙ බල පරාක්‍රමය හා ප්‍රචණ්ඩ ගති පැවතුම් තුලින් ලංකාව  යටත් විජිත වාස  භූමියක්  බවට  පත්කර බව පරාජිත  මානසිකත්වයෙන්  ඒ දෙස බැලීමක්  සිදුවේ .එවිට  නුතනයේද   සිතන්නට පෙලබෙන්නේ ඉන්දියාව තුලින් අප පෝෂණය වීමක්  නොතිබෙන්නට  පැවත්මක් හා ආරක්ෂාවක් නොමැතිය යන චේතනාවයි .




     ඉන්දියාවට අවශ්‍ය උයෙත්  ඔය සංකල්පය මුලින් ලක්  දෙරණ තුල  ඇති කිරීමය .නමුත් විජය පැමිණෙන විට ලක්දිව  මුදුබිමක් නොවන බව මහාවංශ ටිකාව තුලම සාදක ඇත .ලක්දිව තෙවන හා දෙවන නාගයින්ගේ  අරගල  සන්සිදුවිමෙන්  ඇතිඋන ඉමහත් ගෞරවයට මණි අක්කිත  නා රජුගේ මාලිගයට  නිදුකාණන්
වහන්සේ   මුලික 500 මහරහතන් වහන්සේලා පිරිවරා වැඩම කර පසු  දිව්‍යමය  ආහාරපාන වලින් දන් පිළිගැන්වූ බව සදහන්ය .එම කාලය සලකද්දී කාලානුරුපිව  විජය පැමිණෙන විට  එලෙස  මුඩු බිමක් වීමක් විය නොහැකිය. අනෙක දන්  පිලිගනුයේ නාග ගෝත්‍රිකයන්  මිස උරගයන් නොවන බව කට උවද පැහැදිලි වේ .
      එසේම විජය පැමිණෙන විට ලක් දෙරණ මුඩු බිමක්  යන්න සනාථ  කිරීම තුලින් ඉන්දියාව බලාපොරොත්තු උනේ එතිහාසික ඉන්දීය නෑ සබදතා නීතිගත  කිරීමය .එයට විජයගේ රාජත්වය පිළිගැනීමට ඉන්දීය රජ කුමරියක්    සරණ පවා ගත යුතු බව විජයට  ඇගවුවේය .ඇත්තටම  එමගින්  සිදුකරේ  විජයගෙන් රාජ්‍යත්වය පිලිගන්නවටත් වඩා  දෙයක්ය .ඉන්දියාවෙන්  ස්ත්‍රියක් ගේනවා විජයට සරණපවා  දීම තුලින් ලංකාවේ ඊළගට වන පරපුර බිහිවීම  හා විහිදීමට සාර්ථක අඩිතාලම ලබා දුන්නේය .රජ පවුලක්  තුලින් බිහිවන පරපුර රටක පාලන තන්ත්‍රව  මුල පුරවැසි සංකල්පය තුල ජනතාව තුල ගෞරවයක්  ඇති කිරීම පහසු අඩිතාලමක් වන්නේය.එය ඉන්දියාව සාර්ථකව   ජය ගත්තේය .එසේම පසුකාලීනව  බිහිවූ  රජ වරුන්ද කිසිම හේතුවක් නොමැතිව ඉන්දියාවේ  රුපශ්‍රිය කාන්තාවන්ගේ  දැක  සරණ පවා ගැනීම් සිදුවිය .එහි නොදකින බැරෑරුම් කම තේරුම් ගැනීමට නොහැකිවන ලෙස ඉන්දියාව අප මානසිකත්වය සදා තිබුනේය .




      විජයාගමනය  තුලින් හෙළ ජාතියට ඇතිවුන ඊලග පල විපාකය  වුයේ  හෙළයන්ගේ  අධ්‍යාත්මික  ශක්තිය බිද වැටීමයි .මේ සදහා ඔවුන් සිදුකරේ පාරම්පරික විශ්වාශය  යටපත් කිරීම හා හෑලුවට ලක් කිරීමය .ඔවුන්  පාරම්පරික ඇදහිලි රාජ්‍ය බලය යොදා යටපත් කිරීම්  හා මුලික වන පිරිසගේ මානසිකත්වය බිද වැට්ටුවේය .ඔවුන් එය  සදහා ලංකික ජනයා  යක්ෂය වන්දනාවේ  යෙදෙන භිය උපද්දවන යතු ක්‍රම වල නියැලෙන මිනිමස් කන ජාතියක් බවට ලෝක ජනයා  තුල
හා ඉන්දියාව තුල  ප්‍රචාරණය දියත් කරේය . එසේම ක්‍රමානු කුලව  ඉන්දීය බ්‍රහමනයන් ලංකාවට   ගෙන්වා  හින්දු දේව විශ්වාසය  ලංකාව තුල ස්ථාපනය කිරීම සිදු විය .එයින්  සිදුවයේ මල ගිය පිරිස් වන්දනය  යතු ක්‍රමයක් බවත් දේව විශ්වාසය  ඇති වීම හා පිදීම  යහපත් ක්‍රියාවක් ලෙසත් කලානු රුපිව හෙලයන්ගේ  මානසිකත්වයට කා වැද්දීමයි . මුලින් බමුනන්  සිදුකරේ හින්දු යාග හෝම ලංකාව තුල ඇති කිරීම මේ  තුල විශ්ව ක්‍රම ක්‍රියාවන් ඇති බව පෙන්වීමට යතු කර්මයන් හා  කපටි උපක්‍රම  යොදා ගත්තේය .එමගින් හෙළයන්ට  අතර විශ්වාසය ඇති කිරීමට ඔවුන් යොමු විය .
      නමුත් හින්දු යාග හෝම වල තිබෙන සත්ව ඝාතනයන් පිලිබද  මුල සිටම විරෝධතාවක් ලංකික ජන සමාජය තුල ඇති බව තේරුම් ගැනීමට ඉන්දියාව අපහසු උන  නිසා  100 % හින්දු දහම පිළිගැන්වීමට ලංකික ජනයා  නොපෙලබුනේය .පෙර රාවණ  සමයේ සිටම අප ජනයා සත්ව ඝාතනය  සිය දෙස සීමාවල පවා සිදු කිරීම හෙළා දැක ඊට  විරුද්ධ විය .නමුදු අපේ හෙළ ජාතියේ අධ්‍යාත්මික  ශක්තිය සිර කිරීම සදහා අනගි පිටුවහලක් විජයගමනින්  සිදු උනේය .






        ඉන්දිය සම්භවය හා කුමාරි සරණ පෑවිම  තුල මේ වෙනකොට  ලංකාවේ  අපේ කම කතා කිරීමට පිරිස්  ක්‍රියාවේ යේදීමට අඩු වීමක් සිදු වී ඇත .ලංකාවේ   යම් අහබු පිරිසක 10 දෙනෙක් සිටිනම්  අපේකම   පිළිබඳව  කතිකත්වය හා ක්‍රියාවේ නිරත වීම සිදුවන්නේ   3 දෙනක් පමණි .ම එසය් කියන්නේ පසුගමිව එන්දියව බලපොරොත්තු වුන  මේ මොහොතේ සාර්ථකත්වය  ගෙන ඇති නිසාය. මෑතකදී  ස්රිලනක විශ්ව විද්‍යාල එකමුතුවකින් කරන ලද පර්යේෂණයකදී  එලි උයේ ශ්‍රිලාන්කිකයන්ගේ   ජාන 68 % දකුණු ඉන්දීය  මිනිසුන්ගේ ජාන  සමග සමානකම් සිදුවී  ඇති  බවය .එතින් අද සමාජීය තත්වය  මෙයයි .නමුත් 100 % අකල්පිය වෙනසක් ඉන්දියාවට ඇති කිරීමට නොහැකි විය .



   විජයගේ කතා පුවත්  ජනප්‍රවාද තුල ඉතිහාසයේ සදහන් නොවීමටත්  රාවණ  සංකල්පය ජාතිය පුරා ස්ථාපනය වීමටත් ප්‍රධාන හේතුව වුයේ  විජයගේ කතා පුවත බලෙන් අපට ආරෝපණය කිරීමය .සාමාන්යෙන් ජනප්‍රවාදයක් ගොඩනැගෙන්නේ  පුද්ගල මනසට කා වැදුණු ජාතියේ පිරිහීමක් හෝ දිරිමත් වීමක් තුල  සත්‍ය සිදුවීමක් මුලික කරගෙනය .ඉතින් ඔබගේ දෙනෙත් හේර මනසින් කාරණය යතාර්ථය අද්‍යනය කරන්න .
 
     හෙළයා වන ඔබ  නැග්ගේ ජාතිය  ස්වර්ණමය යුගයක රන් නැවකට නම්  දැන් ඔබ සිටිනේ මුහුදේ අතරමන් උණු රත්තරන් තැවරුණ ලී  ලෑල්ලක්  පිහිනීමට යොදා ගෙනය  . ඒ ඔබ සිංහල කියන නාමයට පමණි .ඉතුරු  නැවේ  සියලු කොටස්  විජාතිකයන් ඔබගෙන් සොරාගෙන  ගොසින්ය .ඉතින් මේ නැව  යලි සැදීමට  පෙර අපි අපේ නැතිවුන  සංස්කෘතිය නම් වූ රන් නැවේ  ආකෘතිය සොයාගෙන  යමු  එවිට නව  රන් නැවට එකතුවන  ලෑලි   ටික ඉබේම  එකතු වේ . ඔබ ගිලෙන්න ආසන්න  බව මතක තබාගෙන ගමන යමු .

  මේ  ඇතිකර  සමාජීය තත්වයන් හා හෙළයන් දුර්වල කර අවස්ථාවන්  අපිට ක්‍රමයෙන්   නැති  කිරීමේ මාර්ගය පිලිබඳ මන් මීලග ලිපිවලදී කතා කරන්නම්.එය කැපවීමෙන් කර හැකි දෙයක් !! එතකන් ඔබලට ජය ශ්‍රී !!!


ශ්‍රීමාල් ප්‍රභාසිරි
මනෝ විද්‍යා උපදේශක

No comments:

Post a Comment